FAST NEWS

24×7 Around the Globe

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 173 සීමාව පසුකරයි..

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (22) දිනයේදී 173 ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 173.38 ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල රුපියල් 169.49 ක් ලෙස සටහන් විය.
මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට ඔක්තෝබර් 19 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 10.7 % කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.