FAST NEWS

24×7 Around the Globe

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියන්ගේ විරෝධතාවය අවසන්..

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් සමග අද (22) පෙරවරුවේ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් ඊයේ (21) සිට ආරම්භ කර තිබූ විරෝධතාව අවසන් කර තිබේ.
මෙම විරෝධතාව හේතුවෙන් බන්ධනාගාරයේ දෛනික ක්‍රියාවලිය සදහා බාධා එල්ල වී ඇති බවත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වී ඇති බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව කියයි.
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාවට සහ පිටතින් රැගෙන එන භාණ්ඩ පරික්ෂා කිරීමේ කටයුතු සදහා පොලිස් විශේෂ කාර්යය බලකාය යෙදවීමේ තීරණයට විරෝධය පළකරමිනුයි ඊයේ පෙරවරුවේ සිට රැඳවියෝ 100 කට ආසන්න පිරිසක් කුලුණක් මත නැගී විරෝධතාවයක නිරත වුහ.