FAST NEWS

24×7 Around the Globe

කළුතරට සහ මතුගමට මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති 02 ක්…

කළුතර සහ මතුගම ප්‍රදේශවල පානීය ජලයට කරදිය මිශ්‍ර වීම හේතුවෙන් අපහසුතාවයට පත්ව සිටි එම පෙදෙස්වල ජීවත්වන ජනතාවට ඊට විසදුමක් ලෙස මහා පරිමාණ ජල සම්පාදන ව්‍යාපෘති 02 ක වැඩ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
එම ප්‍රදේශවල ජීවත්වන පවුල් ලක්ෂ එකහමාරකට පමණ සෙත සලසන මෙම ව්‍යාපෘතිය සඳහා වැය කරන මුදල රුපියල් බිලියන 32 ක් බවත් වාර්තා වෙයි.
ජල සම්පාදන මණ්ඩලයේ සභාපති කේ.ඒ. අන්සාර් මහතා පවසා සිටින්නේ 2020 වසර වන විට මෙහි වැඩකටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි.