FAST NEWS

24×7 Around the Globe

ඉහළ කොත්මලේ වාන් දොරටුවක් ස්වයංක්‍රීයව විවෘත වෙයි..

ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (21දා) රාත්‍රියේ ඇදහැළුණු අධික වර්ෂාව සමග එම ජලාශයේ එක් වාන් දොරටුවක් අද (22) අලුයම සිට ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව ජලවිදුලි බලාගාර ඉංජිනේරුවෝ සඳහන් කරති.
එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණොත් එම ජලාශයේ සෙසු වාන් දොරටුද ස්වයංක්‍රීයව විවෘත වන බැවින් ජලාශ වේලලට පහළින් කොත්මලේ ඔය අවට පදිංචිකරුවන් දැඩි විමසිමත්ව සිටින ලෙස එම ජලවිදුලි බලාගාර ඉංජිනේරුවෝ ඉල්ලා සිටිති.