FAST NEWS

24×7 Around the Globe

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි…

අද (22) දිනයේත් දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට පස්වරු කාලයේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මධ්‍යම, ඌව, සබරගමුව සහ උතුරුමැද පළාත්වලටත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක වලටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.
අධික වැසි හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ කොට්ඨාශයට ඊයේ (21) රාත්‍රියේ නිකුත් කළ නායයෑමේ අවධානම තවදුරටත් ක්‍රියාත්මකයි.
ගිගුරුම් සහිත වැසි ඇති වන ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.