FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා සී.අයි.ඩී ය වෙත පැමීණෙයි..(update)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මීට සුළු වේලාවක පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

+++++++++++++(update)

නාලක ද සිල්වා තෙවන වරටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට..

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (22) නැවත වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තුන්වන වරටත් පෙනී සිටීමට නියමිතව ඇත.
අවසන් වරට ඔහු පසුගිය සිකුරාදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පනී සිටි අතර එහිදී පැය 09 කට වැඩි කාලයක් ප්‍රශ්ණ කර ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධියේ පරීක්ෂණවලට අදාළව මොහුගෙන් ප්‍රකාශ සටහන් කරගනු ලබයි.