පාසල් වේලාව් ටියුෂන් නැවැත්විමට කැබිනට් පත්‍රිකාවක්…
පාසල් කාලයේදී අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් ඉදිරියේදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව,
‘ළඟ ම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ කුලියාපිටිය උඩවෙල රේවත මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කළ ප්‍රාථමික අධ්‍යාපන සම්පත් මධ්‍යස්ථානය සිසු අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
“විභාග කොමසාරිස් ජනරාල්වරයාට කිව්වා ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ මේ සියලු විභාගයක්ම ටියුෂන් වලට ඕන විදිහට හදන්න එපා, විෂය නිර්දේශය ආවරණය විදිහට හදන්න එක එක අයට කඩේ යන්න එපා කියලා.
දන් මේක මාෆියාවක් වෙලා. විභාග කේන්ද්‍රීය ක්‍රමය අයින් කරන්න හදන්නේ. දැන් හිටියේ ඔක්කොමට ටියුෂන් ගිහිල්ලා කර ගන්නනේ. එන සතියේදී මම කැබිනට් පත්‍රිකාවක් දාන්න කියලා තියෙනවා උදේ 7.30ක් පස්වරු 1.30 අතර ටියුෂන් කරන්න බෑ කියලා. අපේ පොඩි උන් ටික ඉස්කෝලේ යන්නේ නෑ. ටියුෂන්. අර ගුරුතුමා බලාගෙන ඉන්නවා මේ අය එනකම්. ජීවන වියදම් වැඩිවෙලා තියෙන්නේ ටියුෂන් යන නිසා.”