FAST NEWS

24×7 Around the Globe

ජෙහාන් අමරතුංග මහජන බැංකු අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි..

මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ජෙහාන් අමරතුංග මහතා පසුගිය 18 වැනිදා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව මහජන බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී රොහාන් පතිරණගේ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඒ අනුව අගෝස්තු මස 31 වැනි දා සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස් වී ඇත.
එමෙන්ම එහි සාමාජිකයෙකු වූ ක්‍රිෂ් රාජේන්ද්‍රන් මහතාගේ ධූර කාලය දීර්ඝ කර නොමැත.
මේ වනවිට මහජන බැංකුවේ සිටින අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 6 කි.