FAST NEWS

24×7 Around the Globe

ගිනි අවි තබාගත් ශ්‍රිලනිප සංවිධායක රිමාන්ඩ්..

නීති විරෝධී ගිනි අවි ළඟ තබා ගැනීමේ චෝදනා මත ඊයේ (18) පොලිස් විශේෂ කාර්යය බලකාය අත්අඩංගුවට ගත් මාවනැල්ල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ සංවිධායක සහ හිටපු සබරගමු පළාත් සභා මන්ත්‍රි ඉම්තියාස් කාදර් මහතා ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
ප‍්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා එම්පී5කේ අවියක්, ටී 56 අවියක්, රිපීටර් අවියක් ඇතුළු ආයුධ සමඟ හෙතෙම අත්අඩංගුවට ගැනුණි.