FAST NEWS

24×7 Around the Globe

ශිරාණි ඉවත් කළේ ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුවයි – හිටපු ජනපති

සිය පාලන සමයේ අගවිනිසුරුවරිය ලෙස කටයුතු කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මීය එම ධුරයෙන් ඉවත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
ඊයේ (18) විජේරාම පිහිටි එ මහතාගේ නිල නිවසේදි ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වෙනුවෙන් කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමීන් මාධ්‍යවේදිනියක් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමීන් මේ බව ප්‍රකාශ කළේය.