FAST NEWS

24×7 Around the Globe

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගන්නා බව සි.අයි.ඩී ය කියයි..

තරුණයන් 11 දෙනෙක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාලව , වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා ඉදිරි සතිය තුළදී අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වෙත අද (19) දැනුම් දුන්නේය.
ඔහුව අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඇති බවත්, ඒ අනුව ඔහුව ඉදිරි සතිය තුළදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට අවශ්‍ය ලිපි සකස් කර ඇති බව එම දෙපාර්තුමේන්තුව අද අධිකරණය වෙත දැනුම් දී සිටියේය.