FAST NEWS

24×7 Around the Globe

අමීත් ඇතුළු 08 දෙනා යළි රිමාන්ඩ්..

මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 08 දෙනා ලබන මස 02 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරිමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළේය.
එහිදී නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීම සඳහා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිළධාරින් අධිකරණයට වාර්තාවක් ද ඉදිරිපත් කළේය.