FAST NEWS

24×7 Around the Globe

සජීන් වාස්ගේ නඩුව ලබන 22 වැනිදා කැඳවේ..

ඉකුත් රජය සමයේ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමීසම ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 22 වනදා යළි කැඳවිමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියම කළේය.
එම කොමිසම විසින් මෙම නඩුව ගොනු කිරීම සඳහා එහි කොමසාරිස්වරුන්ගේ ලිඛිත අනුමැතියක් ඉදිරිපත් කර නොමැති බවට විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් නඩුව අද කැඳවු අවස්ථාවේ මූලික විරෝධතා මතු කර සිටියේය.
ඒ අනුව එම විරෝධතා පිළිබඳව සලකා බැලිම සඳහා නඩුව ජනවාරි මස 22 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළේය.