FAST NEWS

24×7 Around the Globe

විජයකලා මහේෂ්වරන්ට එරෙහි නඩුව දෙසැම්බරයේ යළිත් කැදවයි…

එල්.ටී.ටී.ඊ සංවිධානය යළිත් පිහිටුවිය යුතු බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන්ට එරහෙිව ඇති පැමිණිල්ල නැවත දෙසැම්බර් මස 07 වනදා කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19 ) නියෝග කර ඇත.
සිද්ධියට අදාළ පරීක්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බව පැමිණිල්ල මෙහෙයවන සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය වෙත දන්වා තිබේ.
පසුගියදා මෙම සිද්ධියට අදාළව විජයකලා මහේෂ්වරන්ව අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව අධිකරණයේ නියෝග මත ඇපමත මුදාහරිනු ලැබීය.