FAST NEWS

24×7 Around the Globe

ගලහ රෝහලට පහරදුන් පිරිසගෙන් 12 ක් රක්ෂිත බන්ධනාගාරයට…

පසුගිය අගෝස්තු 28 වනදා ගලහ රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් වයස දරුවෙක් මියයාම නිසා කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් විසින් ගලහ රෝහලට පහර දී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (19) පෙරවරුවේ ගලහ පොලිසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 10 දෙනෙකු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර Dගතකර කර සිටී.
එම නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු වසා දැමුණු රෝහල මේවන තුරු යළි විවෘත කර නොමැත.