FAST NEWS

24×7 Around the Globe

සත්විරු අභිමන් ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි…

සත්විරු අභිමන් රණවිරු සුබසාධන ප්‍රතිලාභ ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්විය.
ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම යටතේ මෙය ක්‍රියාත්මක වන මෙම වැඩසටහන යටතේ ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ට සම්පූර්ණ නිවාස 100 ක්, අර්ධ වශයෙන් ඉදිකරගත් නිවාස සම්පූර්ණ කරදීමේ ප්‍රතිලාභ 800 ක් සහ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යාධාර 279 ක් ප්‍රදානය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් නිවේදනය කරයි.
මීට අමතරව පදිංචිය සඳහා ඉඩම් නොමැති රණවිරුවන් වෙනුවෙන් ඉඩම් කොටස් 84 ක් ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.