FAST NEWS

24×7 Around the Globe

මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්ත චෝදනා ඕස්ට්‍රේලියානු පොලිසිය ඉවත් කරගනී…

පසුගිය අගෝස්තු මාසයේදී ඕස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගෙන මාසයක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍ය මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහි ත්‍රස්තවාදී චෝදනා නිව් සවුත්වේල්ස් පොලීසිය මගින් ඉවත් කරගෙන ඇත.
ඕස්ට්‍රේලියානු දේශපාලනඥයන් ඝාතනය කිරීම සදහා කුමන්ත්‍රණය කළ බවට මොහොමඩ් නිසාම්ඩීන්ට එරෙහිව එල්ල වූ චෝදනාවයි.
25 හැවිරිදි නිසාම්ඩීන්ගේ නිර්දෝෂීභාවය තවදුරටත් තහවුරු වීම හේතුවෙන් ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ඉවත් කරගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය ක්‍රියාකර ඇත.
නිසාම්ඩීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥයා ඕස්ට්‍රේලියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.