FAST NEWS

24×7 Around the Globe

ගෑස් මීල වැඩි කිරිමේ ඉල්ලිම ඉවතට..

ගෑස් මිළ වැඩි කරන ලෙස සමාගම් කල ඉල්ලීමක් රජය ප්‍රතික්ෂේප කළ බව නිවේදනයක් නිකුත් කරමීන්  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
පාරිභෝගික කටයුතු අධිකාරිය සහ ගෑස් සමාගම් නියෝජිතයන් අතර ඊයේ (18) පැවති සාකච්ඡාවකදී මෙම දැනුම්දීම සිදුකල බව එම නිවේදනයේ සඳහන් වෙයි.
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් වැඩි කරන ලෙසටයි ලාෆ් ගෑස් සමාගම පසුගියදා රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.
මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 1733 කි.