FAST NEWS

24×7 Around the Globe

සකර්බර්ග් ඉවත් කිරිමට ඡන්ද විමසිමක්…

මාර්ක් සකර්බර්ග් ෆේස්බුක් සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් සඳහා එම සමාගමේ කොටස් හිමිකාරිත්වය දරණ ඇමෙරිකානු සමාගම් 04 ක් සහය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
ෆේස්බුක් වෙබ් අඩවිය සම්බන්ධයෙන් පසුගිය කාලයේ මතු වූ මතබේදකාරී තත්වය මුල් කරගනිමින්, කොටස් හිමිකාරීත්වය දරණ සමාගමක් විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බවත් ඊට සෙසු සමාගම් 03ක් ද සහය පළ කර ඇති බවද පැවසේ.
සමාගම් ප්‍රධානීධුරය ස්වාධීන විය යුතු බවට එම යෝජනාවෙන් කරුණු ඉදිරිපත් කර ඇති අතර ,ඒ අනුව කොටස් හිමිකාරීත්වය දරණ සමාගම්වල සහභාගීත්වයෙන් ලබන වසරේ මැයි මාසයේ පැවැත්වෙන රැස්වීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවත් කියැවේ.
එහිදී මාර්ක් සකර්බර්ග් එම ධුරයෙන් ඉවත් කිරීම පිළීබඳ ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත බව පැවසීය.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මීට පෙරද සමාගම් කිහිපයක් විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාවක් පරාජයට පත් කරමින් සීයයට 60ක ඡන්ද ප්‍රතිශතක් හිමිකරගැනීමට මාර්ක් සකර්බර්ග් සමත්ව තිබු බව එම මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙයි.