FAST NEWS

24×7 Around the Globe

පශු සම්පත් මණ්ඩලයේ සභාපති සහ ඔහුගේ ගණකාධිකාරිවරයා රිමාන්ඩ්..

පශු සම්පත් මණ්ඩලයේ සභාපති සහ ඔහුගේ ගණකාධිකාරිවරයා ලබන 23 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියෝග කළේය.
මැල්සිරිපුර සාම ආයතනයේ ආපනශාලාව පවත්වාගෙන යාම සඳහා අනුමැතිය ලබාදීමට රුපියල් ලක්ෂ 12 ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 06 ක් ලබා ගැනීමට සුදානම් වු බව කියන සිද්ධියකට අදාළව පශු සම්පත් මණ්ඩලයේ සභාපති එම්.කේ.මුත්තු විනයගම් සහ ඔහුගේ ගණකාධිකාරිවරයා පසුගියදා අත්අඩංගුවට ගැණුනි.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි අනිල් සිල්වා මහතා ඔවුන්ගේ අසනීප තත්ත්වය සම්බන්ධයෙන් සළකා ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලීම සළකා බැලු අධිකරණය ලබන 23 වැනි දා ඇප සම්බන්ධ නියෝගය ප්‍රකාශ කරන බව ප්‍රකාශ කළේය.