FAST NEWS

24×7 Around the Globe

අනුරුද්ධ පාදෙණියට එරෙහි පැමිණිල්ල විභාගය කිරීමට දින නියම කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව මහාචාර්ය සරත් විජේසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් ගොනුකර ඇති පැමිණිල්ල මාර්තු මස 02 වනදා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කළේය.
එම පැමිණිල්ල අද (18) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
කොළඹ පැවැත් වූ මහජන රැස්වීමක දී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සයිටම් නඩු තීන්දුව සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් සිදුකළ බවටත් එමගින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවටත් පැමිණිලිකරුවන් අභියාචනාධිකරණය හමුවේ කියා සිට ඇත.