ජොන්ස්ටන් ඇතුළු තිදෙනාට ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක් !!!

ජොන්ස්ටන් ඇතුළු තිදෙනාට ලබාදුන් තීන්දුවට එරෙහිව නීතිපතිගෙන් අභියාචනයක් !!!

වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස මුදල් අවභාවිත කළැයි චෝදනාවකට ලක්ව සිටින කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ,හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකු නිදොස් කොට නිදහස් කරමින් දුන් කුරුණෑගල මහාධිකරණ තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ ළඟදීම අභියාචනයක් ගොනු කරන බව නීතිපති දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රිමාන්ඩ් බාරයේ සිටියදී ඇප ඉල්ලා ශ්‍රේෂ්ඨධිකරණය හමුවේ ගොනු කළ ප්‍රතිශෝධන පෙත්සම තවදුරටත් ඉදිරියට පවත්වා ගෙන යෑමට කටයුතු කරන බවත් ,කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම සේවාදායකයා දවස් 33 කට ආසන්න කාලයක් නිරපරාදේ රිමාන්ඩ් බාරයට පත්වූ හෙයින් ඊට සාධාරණ විසදුම් ලබා ගැනීම වෙනුවෙන් මෙම පෙත්සම ඉදිරියට පත්වා ගෙන යන බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගේ නීතීඥවරයා වැඩිදුරටත් පැවසීය.