FAST NEWS

24×7 Around the Globe

සවස් කාලයේදි වැසි තවදුරටත්..

දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරයටද පවතින බවත් එය විශේෂයෙන් 20 සහ 21 දිනවලදී වර්ධනය විය හැකි බව කාළගුණවිද්‍යාදෙපාර්තුමේන්තුව අද (18) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
අද දිනයේදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව සඳහන්
උතුරු , බස්නාහිර, වයඹ සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ,මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවද පැවසේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත්, අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණවිද්‍යා දෙපාර්තුටම්න්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.