මාවනැල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ඉමිතියාස් කාදර් මහතාව ප‍්‍රභූ ආරක්ෂාව සඳහා යොදාගන්නා එම්පී5කේ අවියක්, ටී 56 අවියක්, රිපීටර් අවියක් ඇතුළු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් කෑගල්ලේදී අද (18) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරක් මත කාදර් මහතාගේ නිවසේ අල්මාරියේ සහ ඇඳක් යට සඟවා තිබියදී මෙම අවි ආයුධ සොයාගෙන ඇති බව පැවසේ.
මෙහිදී අත්අඩංගුවට ගත් එම්පී5කේ ගිනිඅවිය මෙරට ප‍්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටින කමාන්ඩෝ හා එස්ටීඑෆ් භටයන්ටත් ඇත්තේ සුළු ගිනි අවි සංඛ්‍යාවක් බවත් සැකකරු විසින් මෙම ගිනි අවිය තමාගේ ආරක්ෂාවට විදෙස් රටකින් ගෙන්වා ගත් බවත් අනෙක් ගිනි අවි ගම්පහ ප‍්‍රදේශයෙන් මිලදී ගත් බව හෙළිකර ඇත.
සැකකරු සතුව තිබූ අවි ආයුධවලට අමතරව එම්පී5කේ ගිනිඅවිවලට යොදන උණ්ඩ 79ක්, ටී56 මැගසින් 2ක් හා එම උණ්ඩ 33ක් ද වන බව සඳහන් වේ.
පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ් මහතාගේ මෙහෙයවීම යටතේ ඇති බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස් ධර්මප‍්‍රිය ඇතුළු කණ්ඩායමක් හා කෑගල්ල පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් එක්ව මෙම වැටලීම කර ඇත.










