FAST NEWS

24×7 Around the Globe

ජනපති හා ඉන්දීය අගමැති අතර දුරකථන සාකච්ඡාවක්..!!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා අතර විශේෂ දුරකතන සාකච්ඡාවක් අද (17) පස්වරුවේ පැවැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඉන්දියාවේ රෝ ආයතනය තමන් ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැබිනට් හමුවේදී ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිම, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි විරෝධය පළ කළැයි පැවසෙන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට බදුන්ව ඇති බවද පැවසේ.
මේ අතර ඊයේ (17) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්ධු මහතා ජනාධිපතිවරයා හමු වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබිණි.