FAST NEWS

24×7 Around the Globe

නාලක ද සිල්වා අද (18) සී.අයි.ඩී යට..

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අද (18) පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.
පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ද හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබූ නමුත් සිය දරුවා අසනීප තත්ත්වයේ පසුවන බැවින් පැමිණීමට නොහැකි බව ඔහු දැනුම් දී තිබුණි.
පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක අතුරුදන්වීම සම්බන්ධයෙන්ද අද දිනයේදී ඔහුගෙන් ප්‍රකාශ ලබා ගැනිමට නියමීත බව සඳහන්.
මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද අනුමැතිය හිමීව තිබේ.