FAST NEWS

24×7 Around the Globe

2021 වසරේදී ජන හා නිවාස සංගණනයක්…

2021 වසරේදී ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ සඳහා අද (17) අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කර සිටියේය.
මේ අතර, ජංගම දුරකථනවල ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම සදහා කොළඹ ඇතුළු උප නගරවල ඇන්ටනා ක්‍රමවේදයක් සකස් කිරීමට රජය විසින් තීරණයකට එළැඹ ඇත.