දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම පිළිබදව පරීක්‍ෂණයක්..

දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම පිළිබදව පරීක්‍ෂණයක්..

මරණ දණ්ඩනය නියමවී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට බන්ධනාගාරය තුළ විශේෂ වරප්‍රසාද ලබාදීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ උපදෙස් පරිදි බන්ධනාගාර ප්‍රධානියෙක් විසින් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇත.
බන්ධනාගාර ගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝ පිටතින් ආහාර ගෙන ඒම ප්‍රතික්ශේප කර ඇති අතර දුමින්ද සිල්වාට මෙලෙස විශේෂ වරප්‍රසාද ලබාදෙන්නේ කෙසේදැයි සැක මතුව ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ බවට වැරදිකරු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණය ඔක්තෝම්බර් 11 වනදා තහවුරු කරනු ලැබීය.