FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විදේශයකට නොදෙන බව ජනපති කියයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිවිටකත් විදේශ රටකට බදුදීමට තමා ඉඩනොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති කැබිනට් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී දැඩිව අවධාරණය කර ඇති බව පැවසේ.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ජපානයට හෝ ඉන්දියාවට බදුදීම සඳහා රාජ්‍ය ව්‍යවසාය හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් තීන්දුවක් ගෙන තිබුණු බවත් ,ඒ අනුව ඊට අදාළ යෝජනාව සහ වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශයේ මෙම පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ යුතු බවට වූ යෝජනාවක්ද ඊයේ (16) රැස්වූ කැබිනට් සාකච්ඡාවට ඉදිරිපත් වි ඇති බව කියැවේ.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු සම්පතක් බවත් එය සම්පූර්ණයෙන්ම වරාය අධිකාරියට ක්‍රියාත්මක කළ හැකි බවත් ,ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ජයබහලු පර්යන්තය අකර්මන්‍යය වුවහොත් වරාය අධිකාරියට ඉතිරිවන්නේ මෙම පර්යන්තයේ පමණක් බවත් ජනාධිපතිවරයා පෙන්වාදී තිබේ.
ඒ නිසා මෙම පර්යන්තයේ බදු ගැනීමට කැමැත්තෙන් සිටින විදේශ රාජ්‍යයන්වල නායකයන් වෙත කතාකර මෙම පර්යන්තය කිසිවිටකත් ලබාදෙන බවට වූ තීරණය තමාට දැනුම්දීමට හැකි බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ රාජ්‍යයන් සමග කතාබහ කිරීමට සති දෙකක කාලයක් ඉල්ලා ඇතත් ජනාධිපතිවරයා පවසා ඇත්තේ සතියක් ඇතුළත අදාළ සාකච්ඡාවන් අවසන් කර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුට තබාගන්නා ලෙසය.