FAST NEWS

24×7 Around the Globe

සතියක් තුළ වාර්තාවක් ලබාදෙන්නැයි ජනපතිගෙන් මුදල් ඇමතිට උපදෙස්..

ලෝක වෙළෙදපොළ තුළ දැනට උද්ගතව ඇති අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ රට මුහුණදි සිටින ආර්ථික අභියෝගවලට විසදුම් ලෙසට ආනයනය සීමා කලහැකි භාණ්ඩ පිළිබඳව සොයාබලා සතියක් තුල වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.
ඊයේ (16) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආර්ථික සභාව රැස්වූ අවස්ථාවේ අදාළ බලධාරීන් හට මෙම උපදෙස් ලබාදී ඇත.
ජාත්‍යන්තර වෙළෙදපොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථික අභියෝගයට මුහුණදීම සදහා ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් දෙමින් සාකච්ඡාවට ලක් වී ඇති අතර අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තාවකාලිකව සිමා කර ඒවා දේශිය වශයෙන් නිෂ්පාදනය දිරිගැන්විමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජාතික ආර්ථික සභාවේ අවධානය යොමුවිය.