FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිපය ගොඩ නැගිමට කමීටු දෙකක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත ගොඩනැගීම සඳහා කමිටු 02 ක් පත් කිරිමට ඊයේ (16) රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී තීරණය වි තිබේ.
රාත්‍රී 7.30ට පමණ ජනාධිපති නිල නිවසේදී ආරම්භ වූ මධ්‍යම කාරක සභා රැස්වීම පැය දෙකකට ආසන්න කාලයක් පැවති බව එම පක්ෂය පවසයි.
මෙහි එක් කමිටුවක සභාපති ධූරය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දරණ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනෙක් කමිටුවේ සභාපති ධූරය දරණ බවත් පැවසේ.