ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය අද (20) හිමිවිය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිල නිවසේදීපැවති විශේෂ සාකච්ඡාවකදී ෙමම තීන්දු තීරණ වලට පැමීණ අැත.
ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අදාළ ඉදිරි කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සහ එකඟතාවන්ට පැමිණීම සඳහා හය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට ද එහිදී එකඟතාව පළ වී ඇත.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් පේ‍්‍රම්ජයන්ත්, සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ එස්.බී. දිසානායක එම කමිටුවේ සාමාජිකයින් වේ.
————————————- (update) 2015 /08/20 11.42a.m
ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්වෙති.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (20) පෙරවරු 9.00 ට රැස්වීමට නියමිතය.
මෙම හමුව පැවැත්වෙන ජනාධිපතිවරයාගේ නිල නිවසේදී බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉකුත් මහමැතිවරණය සහ ඉදිරියේදී ගන්නා කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.







