ටී.එන්.ඒ. සහ ජනපති අතර අද සාකච්ඡා…
දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් පිරිසක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (17) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව ඇත.
මෙහිදී උතුර – නැගෙනහිර පළාත්වල ඉඩම් ගැටළුව සම්බන්ධයෙන් ජනාධිපතිතුමා සමග සාකච්ඡා කිරීමට නියමිතය.
මීට අමතරව දෙමළ දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් කියා සිටියේය.