FAST NEWS

24×7 Around the Globe

කුරුණෑගල සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 140ක් අත්අඩංගුවට..

ඊයේ (15) කුරුණෑගල දිස්ත්‍රික්කයේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් පුද්ගලයින් 140 ක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී ඇත.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 11 ක සිදුකළ විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සහ වරෙන්තු ලැබ සිටි පුද්ගලයින් පිරිසක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ සැකකරුවන් 47 ක් , බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 46 ක් සහ වරෙන්තුකරුවන් 25 දෙනෙකු සිටින බව පොලීසිය සදහන් කරයි.