FAST NEWS

24×7 Around the Globe

හිටපු බන්ධනාගාර කොමසාරිස් ලබන 30 වනදා දක්වා යළිත් රිමාන්ඩ්…

හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (16) නියෝග කරනු ලැබීය.
ඒ, ඔහුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
පසුගිය රජය සමයේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.