FAST NEWS

24×7 Around the Globe

අගමැති රනිල් පරාජීතයන්ට ජාතික ලැයිස්තුවේන් ඉඩ නොදෙයි.

මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ කිසිම අපේක්ෂකයකු නැවත ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ ආරංචි කියයි.

එක්සත් ජාතික පෙරමුණට මැතිවරණයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 13 ක් හිමිවිය.

එජාප ජාතික ලැයිස්තුවෙන් පත් කෙරෙන මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය බ්‍රහස්පතින්දා (20) මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වෙත ලබාදීමට නියමිතය.