FAST NEWS

24×7 Around the Globe

අද (16) සිට සවසට වැසි..

අද (16) දිනයේ සිට, දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි අතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (16) පෙරවරු නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම අද දිවයිනේ බොහෝ ප්‍රදේශවල,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් සඳහන්.
මධ්‍යම, ඌව, සබරගමුව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තද වැසි ද ඇති විය හැකි බවද එම නිවේදයෙහි සඳහන්.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවත් අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.