FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම අද (16) – 15 නොයෙති..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද(16) පස්වරුවේ පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වීමට නියමීතය.
පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු පිළිබඳව සහ වත්මන් දේශපාලන වාතාවරණය පිළිබදව මෙහිදි අවධානය යොමුකිරීමට නියමිතව බව පක්ෂ ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු මධ්‍යම කාරක සභා සාමාජිකයින්ට මේ පිළිබඳව දැනුම් දී ඇති බවත් පැවසෙයි.
කෙසේවෙතත් අද (16) දිනයේ පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමට පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් 15 දෙනා සහභාගි නොවීමට තීරණය කර ඇති බවත් කියැවෙයි.
පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට සිය කණ්ඩායම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලීමක් කර ඇති බව අදාළ ඉල්ලීමට අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට සහභාගී නොවන බව එම කණ්ඩායමේ මතය වී ඇති බව පැවසේ.
කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.