FAST NEWS

24×7 Around the Globe

රුපියලේ අගය ඉහළ යයි..

පසුගිය කාලය පුරාවටම අවපාතයට යමින් තිබූ එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂ ශ්‍රී ලංකා රුපියලේ අගය ඊයේ (15) වන විට රුපියල් 1.33 කින් ඉහළ ගොස් ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 171.60 ක් වූ අතර ගැනුම් මිල රුපියල් 167.73 ක් ලෙස දක්වා තිබුණි.
පසුගිය සිකුරාදා ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 172.93 ක් ලෙස වාර්තාගත ලෙස පහත වැටුණි.