ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අද (16) දිනයේ ප්‍රකාශයක් ලබා දීමට නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් වෙනත් දිනයක් ඉල්ලා ඇති බවත් පැවසේ.
මෙම සිද්ධියට අදාළ චෝදනා මත එ මහතාව සිය රාජකාරීයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටියි.
+++++++++++++++(udpate)
නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (16) සී.අයි.ඩී යට..
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි බව කියන සිද්ධියට අදාළව ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාව අද (16) පෙරවරු 09 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය මෙන්ම පොලිස් මධ්‍යම අවි ගබඩාවෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබාදී තිබූ එල්.එම්.ජී. වර්ගයේ ගිනි අවි දෙක එම ඒකකයෙන් දින දෙකක් පිටතට ගෙන ගොස් තිබීම සම්බන්ධයෙන් මෙහිදි ප්‍රශ්න කිරිමට නියමීත බව පැවසේ.
මේ අතර, මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සහ තවත් හඬ පට කිහිපයක් ලබාදීම සඳහා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර ද ඊයේ (15) 06 වන වතාවටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඇතර එහිඳි ඔහුගෙන් ප්‍රශ්න කිරිම සිදුවිය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.