FAST NEWS

24×7 Around the Globe

හෙට (16) සිට සවස් භාගයේ වැසි වර්ධනයක්..

හෙට (16) දිනයේ සිට, දිවයින පුරා සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි අතිවීමේ හැකියාවේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව අද (15) දහවල් නිකුත් කළ නිවේදනයෙහි සඳහන් වෙයි.
එසේම අද (15) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට,විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ,මධ්‍යම, ඌව, සබරගමුව, උතුරුමැද, බස්නාහිර සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වැසි ද ඇති විය හැකි බවද සඳහන්.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බවද අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාළගුණවිද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.