FAST NEWS

24×7 Around the Globe

ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට (16) සිට

දිවයිනේ ජාතික පාසල් 302 ක විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණ හෙට (16) සිට නොවැම්බර් 10 දක්වා අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.
මේ වනවිටත් විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ කැඳවීම් ලිපි යොමු කර අවසන්= බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
පසුගිය කාලයේ නිසි පරිදි පුරප්පාඩු සම්පූර්ණ නොකිරීම හේතුවෙන් ජාතික පාසල් රැසක සුදුසුකම් සහිත විදුහල්පති පුරප්පාඩු නිර්මාණය වී තිබූ බවත් ඇතැම් විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ එකම පාසලක සේවය කර ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙයි.
බඳවා ගන්නා විදුහල්පතිවරුන් 2018 වසර අවසානයට පෙර ජාතික පාසල්වල අදාළ පුරප්පාඩු සඳහා ස්ථානගත කිරීම ද අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ වි තිබේ.