FAST NEWS

24×7 Around the Globe

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන බ්‍රහස්පතින්දා සිට…

මෙවර අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ ලබන බ්‍රහස්පතින්දා ඇරඹීමට නියමිත වන අතර ඒ සදහා සියලු කටයුතු සූදානම්කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසා සිටියේය.
ප්‍රායෝගික පරීක්ෂණ සදහා පාසල් වසා තැබීමක් සිදු නොවන බවත් එම පරීක්ෂණ ලබන මස මුල දක්වා පැවැත්වෙන බවත් ඒ මහතා සදහන් කර සිටියි.
වැඩි සිසුන් සංඛ්‍යාවක් සහභාගි කරවා ගැනීමේ අරමුණින් මෙවර ප්‍රායෝගික පරීක්ෂණ විභාගයට පෙර පැවැත්වීමට තීරණය කර ඇත.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සියලු දෙනාට ජාතික හැදුනුම්පත් නිකුත්කර අවසන් බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
තම ජාතික හැනුම්පත නොලද සිසුවෙකු සිටින්නේ නම් දුරකථන අංක 011-5 226 106 මගින් දෙපාර්තමේන්තුව අමතන ලෙසත් එසේ නොමැති නම් බත්තරමුල්ලේ පිහිටි දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණෙන ලෙසත් සිසුන්ගෙන් ඉල්ලා සිටී.
සිසුන් තුන්ලක්ෂ 75 දහසකට මෙවර ජාතික හැනුම්පත් නිකුත් කර තිබේ.