FAST NEWS

24×7 Around the Globe

ඡන්ද හිමී නාමලේඛනයට 25 වැනිදා අත්සත් තැබෙයි..

මෙවර ඡන්ද හිමි නාමලේඛනයේ අවසන් කෙටුම්පත මේ වන විට සකස් කරමින් පවතින බවත් ලබන 25 වනිදා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊට අත්සත් තැබිමට නියමීත බවද මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ඉන් අනතුරුව එළඹෙන ඉදිරි මැතිවරණ සඳහා මෙම නාමලේඛනය උපයෝගි කර ගන්නා බව ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
ඡඅගෝස්තු මස 10 වනදා සිට සැප්තැම්බර් මස 06 වනදා දක්වා කාලයේදි ඉදිරිපත් වු ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතුවලට අදාල අභියාචනා පරික්ෂණ කටයුතු මේ වන විට අවසන්ව පවතින බව ද එම කාර්යාලය පවසයි.
එම කාලය තුළ අභියාචනා සහ විරෝධතා 86,000ක් පමණ ඉදිරිපත්ව ඇති බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.
මෙම විරෝධතා සහ පැමිණිලිවලින් වැඩි ප්‍රමාණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ලැබී ඇති බව ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.