හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව නැවත ලබන 23 වනදා කැඳවීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (15) නියම කළේය.
ඉකුත් රජය සමයේ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනාව යටතේ අදාළ නඩුව විභාග කෙරේ.
විත්තිය වෙත ලබා දිය යුතු ලියකියවිලි බොහොමයක් මේ වන විටත් විත්තිය වෙත ලබාදී ඇති බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත මුදලිගේ මහතා අධිකරණයට අද (15) අධිකරණයට දන්වා සිටියේය.
මෙහිදි විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අලි ශබ්රි සහ ගාමිණී මාරපන යන නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුව කඩිනමින් විභාග කොට අවසන් කරනවා සේම විත්තිකරුවන්ට යුක්තිය ඉටු වීම ද වැදගත් බව පෙන්වා දුන්හ.
මෙම නඩුවේ විත්තිවාචකය ඉදිරිපත් කිරීම සඳහා වැදගත්වන ලේඛන ගණනාවක් අදාළ ආයතනවලින් ඉල්ලා තිබුණත් ඒවා මෙතෙක් නියමිත ලැබී නොමැති බව සඳහන් කළ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරු ඒවා කඩිනමින් ලබාදෙන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියහ.
ඒ අනුව තමන් වෙත නොලැබුණු ලේඛන පිළිබඳ ලැයිස්තුවක් හෙට(16) දින තුළ අධිකරණය වෙත ඉදිරිපත් කරන්නයි විත්ති පාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව එම ලේඛන විත්තිය වෙත ලබා දීමට පියවර ගන්නැයි අදාළ ආයතන වෙත පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හරහා නොතීසි නිකුත් කරන බව අධිකරණයට දන්වා සිටියේය.
2014 වසරේ පෙබරවාරි මස පළ වනදා සිට 2015 වසරේ ජනවාරි මස 20 වනදා දක්වා කාලසීමාව තුළ ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කො හොටෙල් ඇන්ඩ් ස්පා නමැති සමාගමේ යෙදවීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් පොදු දේපොළ පනත යටතේ ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස පියදාස කුඩාබාලගේ ,නීල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අය නම් කර තිබේ.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.