FAST NEWS

24×7 Around the Globe

සීගිරි බිතු සිතුවම් සහ කුරුටු ගී ත්‍රිමාණ ප්‍රතිරූප බවට පත්කිරීම අරඹයි…

ලෝක උරුමයක් වන සීගිරි බිතු සිතුවම් සහ කැටපත් පවුරේ ඇති කුරුටු ගීත ලේසර් කිරණ මගින් ත්‍රිමාණ ප්‍රතිරූප බවට පත්කිරීමට වැඩ පිළිවෙළක් මේ දිනවල ආරම්භ කොට ඇති බව මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ ජර්මනියේ හැම්බර්ග් විශ්ව විද්‍යාලය , මධ්‍යම සංස්කෘතික අරමුදල , පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව , කැලණිය විශ්ව විද්‍යාලය හා එක්වයි.
ලෝකයේ විවිධ ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ දළදා මාලිගාවේ ද මේ ආකාරයෙන් බිතු සිතුවම් ත්‍රිමාණ රූප ලෙස ප්‍රතිනිර්මාණය කළ බවත් බිතුසිතුවම් වලට හානියක් සිදු නොවන ආකාරයෙන් මෙම කටයුතු කරන බව මහාචාර්ය නන්දදේව මහතා පවසා සිටී.
මෙම ලේසර් කිරණ මගින් බිතුසිතුවම් වල සහ කැටපත් පවුරේ ඇති සියලු ස්ථාන ත්‍රිමාණ ආකාරයෙන් පිටපත් කෙරෙන බවත් එහිදී ගලේ සිදුකෙරෙන සිදුවන විනාශකාරීදේ හා වෙනස්වීම් අනාවරණය කර ගැනීමටත් එමෙන්ම ඉදිරියේදී යම්කිසි හානියක් සිදුවන්නට යන්නේ නම් එයද හඳුනා ගැනීම මෙමගින් සිදු වෙන බවත් හෙතෙම සඳහන් කළේ ය.
මෙම ත්‍රිමාණ ලේසර් කිරණ මගින් බිතුසිතුවම් වලට කිසිදු හානියක් සිදු නොවන ආකාරයකින් ජර්මනියේ තාක්ෂණය යොදාගෙන සිදු කරන බවත් ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.