FAST NEWS

24×7 Around the Globe

ඒකාබද්ධයට සමඟ ආණ්ඩුවට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයෝ එරෙහි වෙති..

යහපාලන රජය බිඳ දමා ඒකාබද්ධ විපක්ෂය සමඟ ආණ්ඩුවක් බිහිකිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු විසින් තමන්ගේ විරෝධය ජනාධිපතිවරයා හමුවී දැනුම්දීමට නියමිතව ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
පාක්ෂිකයන්ගේ ඉල්ලීම මත යහපාලන ආණ්ඩුව පිහිටුවීමට මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ නිසා නැවත එම කණ්ඩායම සමඟ එක්වුවහොත් එළඹෙන මැතිවරණයකදී ජනතාව බරපතල තීන්දු ගතහැකි බව ජනාපතිවරයාට පෙන්වා දිම ඔවුන්ගේ අරමුණ වි ඇති බවත් කියැවේ.
මෙහි පෞද්ගලික ගැටලුවක් නැති බවත් මෙතන ඇත්තේ ප්‍රතිපත්ති මත කෙරෙන ගනුදෙනුවක් නිසාත් ආණ්ඩු පෙරළීමේ තීන්දු ජනතාව ගත යුත්තේ මැතිවරණයේදී බවත් ඔවුන් ලිපියක්ද මගින් ලබා දිමට නියමීත බව පැවසේ.