FAST NEWS

24×7 Around the Globe

ජාතික පොලිස් කොමිසමේ නිළ කාලය අවසන් වෙයි…

ජාතික පොලිස් කොමිසමේ නිළ කාලය ඊයේ (14) දිනයෙන් අවසන් විය.
2015 වසරේ ඔක්තෝම්බර් මස 14 වන දා පත් කරන ලද පොලිස් කොමිසමේ නිල කාලය අවසන් වුවද නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ගේ නිළ කාලය තවදුරටත් වලංගු බව එහි ලේකම් සමන් දිසානායක පවසයි.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කරමින් ප්‍රකාශකර සිටින්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව නව සාමාජිකයින් පත් කරන තුරු වත්මන් සාමාජිකයින්ට තවදුරටත් එහි කටයුතු සිදුකළ හැකි බවයි.