FAST NEWS

24×7 Around the Globe

රුපියල් කෝටි 03 ක් වටින හෙරොයින් සමග පාකිස්තාන ජාතිකයෙකු අල්ලයි…

අද (13) අලුයම දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පාකිස්තාන ජාතිකයෙකු සතුව තිබී රුපියල් කෝටි 03 ක් වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 2.426 ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්වී ඇත.
වයස අවුරුදු 39 ක් වන අදාළ සැකකරුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම මත්ද්‍රව්‍ය තොගය සඟවා තිබී ඇත.
මෙම පුද්ගලයා 2014 වසරෙන් පසු මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ 06 වන වතාවට බවත් අනාවරණය වී ඇත..