FAST NEWS

24×7 Around the Globe

කොළඹ නගරය ආශ්‍රිත ගං වතුර පාලනයට කඩිනම් වැඩපිළිවෙලක්…

කැළණි ගඟ සහ කොළඹ නගරය ආශ්‍රිත ගං වතුර පාලනය සඳහා කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනපතිවරයා අවධාරණය කරයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ කැළණි ගඟ පහළ මිටියාවතේ වම් ඉවුර හා කොළඹ නගරය ආශ්‍රිත ගං වතුර පාලනය වෙනුවෙන් ඉදිරිපත් වූ ව්‍යාපෘතිය වාර්තාව සම්බන්ධයෙන් ඊයේ (12) පෙරවරුවේ පැවැති සාකච්ඡාවට එකවෙමින්.
මේ සම්බන්ධ වැඩපිළිවෙල කිසිසේත් ප්‍රමාද කළ නොහැකි බවත් ජනාධිපතිතුමා පෙන්වා දී ඇත.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ කේ.ඩී.ඒ.එම්. නානායක්කාර මහතා විසින් මෙම ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර ඇත.